top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අත්අඩංගුවට පත් අසාද් සාලි සම්බන්ධ විමර්ශන අඛණ්ඩව....



බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.

අද (17) දින කොලොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, මෙම තීන්දුව නීතිපතිතුමා සමඟ සාකච්චා කොට රහස් පොලීසිය විසින් ගෙන ඇති බවත්ය. මාවනැල්ල බුදු පිළිමය සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන්, පාස්කු ප්‍රහාරයට මොහු සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති බවට යම් කරුණු ඉදිරිපත් වී ඇති බවත් එසේම මොහු මෑතකදී සිදු කරන ලද ප්‍රකාශයක් වන “ශරියා නීතිය සම්බන්ධ රටේ නීතියට අනුගත වෙන්නේ නෑ” යන්නත් මුල් කර ගෙන බවත් මෙවැනි ප්‍රකාශ බොහෝ විට ආගමික අන්තවාදය කරා යන බවත් එහිදී ආගමික අන්තවාද නැවත වරක් ත්‍රස්තවාදය කරා යන්නේ මෙවැනි ප්‍රකාශයන් නිසා බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

1 view0 comments
bottom of page