top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අඩු අදායම්ලාභින් සහ මධ්‍යම පාන්තිකයින් වැඩි පිරිසකට නිවාස ලබාදෙන්නැයි....




අඩු අදායම්ලාභින් සහ මධ්‍යම පාන්තිකයින් වැඩි පිරිසකට නිවාස ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස්

අඩු අදායම්ලාභින් සහ මධ්‍යම පාන්තිකයින් වැඩි පිරිසකට නිවාස ලබාදීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දුන්නේය.

අඩු ආදායම්ලාභින් සහ මධ්‍යම පාන්තිකයින් සදහා යෝජිත නිවාස ව්‍යාපෘති මෙන්ම දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍යතුමා මෙහි දී අවධානය යොමු කළේය.

එම ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව කඩිනමින් නිමා කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමා විසින් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මේ අතර බම්බලපිටිය සහ නාරාහේන්පිට ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කඩිනම් කරන ලෙසත් අදාළ කොන්ත්‍රාත් සමාගම් දැනුවත් කර වැඩි පිරිසකට නිවාස පහසුකම් හිමිවන පරිදි එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසත් අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කීර්ති රංජිත් අබේසිරිවර්ධන, නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඩී.ඒ. පියසේන වීරරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ. ඒ. ජානක, නීති නිලධාරී ඩී.එම්. ජයලත් මහත්වරුන් එක්ව සිටියහ.



1 view0 comments
bottom of page