top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අගෝස්තු 01 වෙනිදා සිට සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල්වල පමණයි-



අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණකැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බවයි. සංචාරක සංවර්ධන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 5000 කට ආසන්න සංඛ්‍යාවක් පමණි. මෙලෙස ලියාපදිංචි නොවු සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 20000ක් පමණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවල සදහන් වේ. මේ තත්ත්වය තුළ සංචාරක සංවර්ධන අධිකාරිය මෙතෙක් ලියාපදිංචි වී නොමැති සංචාරක හෝටල් නිවස්න අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් උපදෙස් දුන් බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. අගෝස්තු මස 01 වෙනි දා සිට කණ්ඩායම් වශයෙන් සංචාරකයන් දිවයිනට ගෙන්වීමට නියමිත අතර ඒ සදහා අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇතැයි ද ඇමතිවරයා කියා සිටී. දිවයිනට පැමිණෙන සියලු සංචාරකයන් ඔවුන් මෙහි රැදී සිටින කාලය තුළ පි.සී.ආර් පරීක්ෂණ 03 කට ලක්කෙරේ. ඔවුන්ගේ සංචාරය අතරතුර මෙම පි.සී.ආර් පරික්ෂණය සිදු කෙරෙන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මගින් එම සංචාරකයන් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන බව ද ඇමතිවරයා කීවේය.



8 views0 comments
bottom of page