top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතගෙ පාස්කු දින සුබ පැතුම් පණිවිඩය...



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතගෙ පාස්කු දින සුබ පැතුම් පණිවිඩය

ලොව පුරා කිතුනු බැතිමත්හු සමඟ එක්ව ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව අද (04) දින ඉමහත් හරසරින් පාස්කු මංගල්‍යය සමරති. ලොව පුරා කිතුනු ජනතාව මෙලෙස මහත් ගෞරවයෙන් අද සිහිපත් කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර නැවත උත්ථාන වීම ය.


මෙයට වසර දෙකකට පෙර එනම් 2019 පාස්කු මංගල්‍යය දින අපේ රටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු දෙසිය පනහකට අධික කිතුනු බැතිමතුන් ප්‍රමුඛ අහිංසක රට වැසියන් පිරිසකට ජීවිත අහිමි විය. එම ම්ලේච්ඡ ප්‍රහාරය අප තරයේ හෙළා දකින අතර ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ පවුල්වල සාමාජිකයින්ට, තුවාල ලද පිරිසට සහ සමස්ත කිතුනු ජනතාවට අපගේ සාතිශය සංවේගය පළ කරමි.


එමෙන්ම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම සඳහා රජයක් ලෙස අප අඛණ්ඩව පෙනී සිටින බවත් එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිඳු බලපෑමකින් තොරව විධිමත් ලෙස ක්‍රියාත්මක වන බවත් අවධාරණය කරමි.


පාස්කු දින ඉටි පහනේ අලෝකය සහෝදර ජනතාවට සහනාලෝකය අත්විඳින්නට ඉඩ සලස්වනවා මෙන් ම පාස්කු අර්ථයෙන් ගත් විට සියලු දෙනා එතෙර වීම කිතුනු ජනතාවගේ අපේක්ෂාවයි.


එම උදාර අපේක්ෂාව අනුව යමින් පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුවන තෙක් කිතුනු ජනතා ප්‍රදර්ශනය කරන්නා වූ ඉවසීම විශිෂ්ට බව ද ගෞරවයෙන් සිහිපත් කරමි.

සමාජය තුළ මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග හමුවේ මානව දයාවෙන්, සහජීවනයෙන් හා අන්‍යෝනය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුනු ජනතාවට හැකිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.


ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව ප්‍රමුඛ සමස්ත ලෝකවාසී කිතුනු ජනතාවට සුබ පාස්කු මංගල්‍යයක් වේවා!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 2021.04.04

2 views0 comments
bottom of page