අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවත..



අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවත සම්බන්ධවයි

අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට සහතික කරමි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිරය යන පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති අතර කොවිඩ් ආසාධිත ආරක්ෂක අංශ නිලධාරියෙකු හමු වී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකිනි. ගරු අග්‍රාමාත්‍යතුමා සහභාගීවන, බාහිර උත්සවවල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම්වලට අදාළව පමණක් සම්බන්ධවන එම නිලධාරීවරයා ඔක්තෝම්බර් මස 17දින සිට සේවයට වාර්තා කර නොමැත. රොහාන් වැලිවිට, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

2 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram