We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අග්‍රාමාත්‍යවරයා මාර්තු 19 සහ 20 යන දෙදින බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක....



බංග්ලාදේශ මහජන සමූහාණ්ඩු (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 මාර්තු 19 සහ 20 යන දෙදින බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරතවීමට නියමිතය.

බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමඟාමීව අග්‍රාමාත්‍යතුමාගේ මෙම සංචාරය සිදු වනු ඇත. කොවිඩ්-19 වසංගතය වැළැක්වීමේ පියවරයන්ට අනුකූලව ජෛව සුරක්ෂිත සංචාරක බුබුලක් ලෙස දැඩි සෞඛ්‍යාරක්ෂිත පූර්වෝපායන් අනුගමනය කරමින් බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරය සිදු කිරී