We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අග්‍රාමාත්‍යතුමාට පොපි මල පළඳවයි.....



ලෝක පොපි මල් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය අද (13 දින) විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සංකේතාත්මකව පොපි මල පැළඳවුයේය.

ලෝකය පුරා යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකිරීම උදෙසා නොවැම්බර් 11 දින ලෝක පොපි මල් දිනය සමරන අතර ඊට සමඟාමීව ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන පොපි මල් දින සැමරුම් උත්සවය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී එළැඹෙන 15 දා පැවැත්වෙයි. පොපි මල් අලෙවි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත. ඉන් ලැබෙන මුදල් විශ්‍රාමික රණවිරුවන්ගේ සුබ සාධන කටයුුතුවලට වෙන්කෙරේ. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ වසය අවුරුදු 60 වැඩි, වැඩිමහල් නිවාස අපේක්ෂිත විශ්‍රාමික නිලධාරීන් වෙනුවෙන් පොලොන්නරුවේ ඉදි කිරීමට නියමිත වැඩිමහල් නිවාසය ඉදි කිරීම් කටයුතු සඳහා සහය ලබා ගැනීම, රණවිරු සුභ සාධනය වෙනුවෙන් ලොතරැයියක් ආරම්භ කිරීම, බ්‍රිතාන්‍ය රාජකීය පොදු රාජ්‍ය මණ්ඩල සේවා මුක්ත ලීගය මෙරටට එවන පොපි මල් සඳහා ශ්‍රී ලංකා රේගු බදු මුදල් ඉවත් කරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්ද මෙහිදී ඉදිරිපත්විය. ඒ පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා අදාළ අංශවලට ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන බව කියා සිටියේය. මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් පොපි මල් සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් අය කරනු ලබන බදු මුදල් ඉවත් කර දීම සම්බන්ධයෙන් ද අ