We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

අගමැති Waterfront Integrated Resort නිවාස සංකීර්ණයට යයි - මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගනී....



ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ 12, ජස්ටිස් අක්බාර් වීදියේ ඉදි කරන ලද (Waterfront Integrated Resort) නිවාස සංකීර්ණයේ පැවති පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද ( 15 ) දින එක්විය.

එම නිවාස සංකීර්ණයේ පළමු ගොඩනැගිල්ලේ මූලික වැඩ අවසන් කිරීමට සමඟාමීව මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීම සඳහා මෙම පිරිත් දේශනාව සංවිධානය කර තිබිණි. ගොඩනැගිලි 6කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ මූලික කටයුතු අවසන් කළ ගොඩනැගිල්ල මහල් 33 කින් සමන්විතය. මහල් 47 කින් යුත් නිවාස සංකීර්ණ දෙකක්, සිනමාහල්, සාප්පු සංකීර්ණ හා ආපනශාලාවලින් සමන්විත මෙම නිවාස සංකීර්ණය සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලු පහසුකම්වලින් සැදුම්ලත්ය. ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම පිරිත් සඡ්ඡායනාව සඳහා වැඩම කළහ. මෙම අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, Waterfront Integrated Resort නිවාස සංකීර්ණයේ වාස්තු විද්‍යාඥ කිම් තේ හී මහත්වරු ඇතුළු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

1 view0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram