top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අගමැති ප්‍රධානත්වයෙන් චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින ශ්‍රී ලංකා සැමරුම පැවැත්වෙයි.....



ශ්‍රි ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 28 දින පස්වරුවේ පැවැත්විණි.


චිං රාජ වංශය බිදවැටීමත්, වූචං කැරැල්ල සහ චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භයත් සිහිකිරීම වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝම්බර් 01 වැනිදා චීනය සිය ජාතික දිනය සමරනු ලබයි.

චීන රජය සංවිධානය කළ ආසියානු කලාපීය පාසල් චිත්‍ර තරගාවලියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සඳහා සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය ද අග්‍රාමාත්‍යතුමා අතින් මෙහිදී සිදුවිය.මෙයට සමගාමීව චීන-ශ්‍රී ලංකා පාසල් ළමුන් පවත්වනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමටද අග්‍රාමාත්‍යතුමා එක්විය. ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, හිටපු කථානායක කරූ ජයසූරිය, හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, වැඩබලන ශ්‍රී ලංකා චීන තානාපති හූ වෙයි, ශ්‍රී ලංකා චීන සංගමයේ සභාපති ජෙනත් ද සිල්වා මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

5 views0 comments
bottom of page