top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අගමැති උපදෙසින් විදේශීය ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ...



මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන විදේශීය ශ්‍රමිකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් පත් කළ කොමිසමේ නිර්දේශ අනුව මෙම ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2021.01.26 දා උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව සතියක කාලයක් ඇතුළත ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) සමඟ සාකච්ඡා කර විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් හා මහජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.

ආර්ථික අපහසුතාවලින් පෙළෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.

ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍යතුමා විශ්වාසය පළ කළේය.



0 views0 comments
bottom of page