helloplanetaviss
අගමැති ඉතාලි සංචාරය සඳහා පිටත්ව යයි.

අගමැති ඉතාලි සංචාරය සඳහා පිටත්ව යයි.
ඉතාලියේ සංචාරක නිරතවීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දුත පිරිසක් අද (10) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව ගියහ.
මෙම සංචාරයේ දී G20 අන්තර් ආගමික හා සංස්කෘතික ඉතාලි සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම ඇතුළු රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට අගමැතිවරයා එක්වීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති.